Saturday, January 5, 2013

සමුගැන්මක සෝ රිද්ම

චිරං ජයතු, මැතිණියෙනි ගරු

 පුරා වසර හයක් වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනතාවට කිසිදා අමතක නොවන සේවයක් ටු කරමින් වලස්මුල්ල, ශ්රී ලංකාවේ හොඳම ප්රාදේශිය ලේකම් කාර්යාලය බවට ගොඩනෑංවූ ප්රාදේශිය ලේකම් දීපිකා කේ ගුණරත්න මැතිණිය මාලිම්බඩ ප්රාදේශිය ලේකම් ලෙස ස්ථාන මාරු ලබා ඇත.



එතුමියට උපහාර දක්වා සමුදීමේ උත්සවයක් 2013-01-04 දින වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලීය  ශ්රවනාගාරයේදී පවත්වන ලදී. ප්රාදේශිය ලේකම් කාර්යාලයට අනුබද්ධ සියළුම නිලධාරි හා සේවක පිරිස් එක හා සමානව සලකමින් විටෙක අභිමානවත් නායිකාවක් ලෙසින්ද, විටෙක සෙනෙහෙබර මවක් ලෙසින්ද, විටෙක කුළුපගු යෙහෙලියක ලෙසින්ද  කටයුතු කල මැයගේ  සමුගැන්ම අතිශය දුක්බර අවස්ථාවක් විය.







 
දුක්බර වෙන්වීම තවත් තැනක සුවබර හමුවීමකි.

ටුවන ඕකෙවෙල සමගින් වීරකැටී
කොන්තුන එකතු වී අපෙ "ගේ" හැදුන හැටී
රටම නොදත් අහුමුල්ලක ගුලිව වැටී
ගෙන ආවා පෙරට බාධක සමඟ ගැටී

ගෘහ මුලිකත්වය, අම්මා අත  රැඳුනා
දඟ කාරයන් හට නම් ටික ටික රිදුනා
ඉහිරුණු කිරට නාඩා දස දෙස ගලනා
දරුවන් යහ මගට ගන්නට සිත බැඳුනා

එකතු වෙද්දි ගෙදරට තව තවත් ළමයි
පුංචි නිවස ඉඩකඩ මදි උනා තමයි
යන එන පිරිස ඉඳ හිට පොඩි ගෝරි දමයි
ඔහොම ඔහොම යං….හෙට අපෙ දවස සුබයි

දරුවන් මගේ කවුරුත් මට එකයි කියා
බැළුවේ නිතර දෙ‍නෙතින් පිරි කුළුණු දයා
සිතුවොත් කරන්නට බැරි වැඩ නැතෙයි කියා
මග නොනැවතී,  ඇය ඉදිරියට ගියා

හොර බොරු වැඩ එපා දරුවනි අහගන්න
ණය කාරයන් නොම වෙමු, පඩියට ගන්න
සතුටින් සිටින්නට,  විටදී හැට පැන්න
හරි දේ කරමු මේ ටික කාලෙට ඉන්න

අධිපතිනිය වුවත් විටකදි අම්මාය
කණ්ඩායමක් ලෙස පියවර මැන්නාය
හැංගි හැංගි නොව එලිපිට බැන්නාය
දුක  සැප දෙකේදිම පස්සෙන් උන්නාය

ළමා තරුණ වැඩිහිටි මේ එකී නොකී
සේවය ලබන්නට මෙහි යන එනව දකී
ගම නගරයට යාකල පාලමකි සකී
සතියේ දින පහම මෙය තක්සලාවකී

දවසෙන් දවස ගෙනගියෙ ජය කණුව කරා
සයවෙනි වසර සපිරුනි මුල් පුටුව දරා
අමතක වේද එය ඔබෙ දිවි තිබෙන තුරා
වාවනු හැකිද ?  හැරයන විට නඩේ ගුරා

හැම විෂයක්ම පරතෙරටම,  ගියා වගේ
පෙන්වූ කුසලතාවන් ටික,  හරිම අගේ
හැරගිය විටදි පුරවන්නට අඩුව ඇගේ
කොපුවක් මොටද නැතිවිට තියුණු කගේ

නිකමුන් නිගන්ඨයො දැම්මත්  දහම් ගැටේ
හරි මග යන්න,  කහවනු නැති උනත් කැටේ
ඉන්නට උනත් කම්නැහැ ටුවෙකුගෙ පිටේ
කල මෙහෙවරට නිසි තැන හිමි වේවි රටේ


තිලක් කොඩිකාර
ග්‍රාම නිලධාරි - රම්මල


 
     

 
ගිරුවා යායටම පුන් සඳ බබලනවා
සදු හිනහෙනව හඳුගල කන්දෙන් එබිලා
හිරු හිනහෙනව රත්මල් කන්දෙන් බැහැලා
තරු හිනහෙනව මුළු යායම හැඩ කරලා
සරු බිම රුහුණ අභිමන් දැය පුබුදුකලා

තේවතු මැදින් ගළනා දොළ පාර දඟයි
කෙත්වතු අරා හමනා මද පවන පිනයි
ගැමිකම පිරුණ ගම් දොර පනහකට වැඩියි
වලස්මුල්ල මහ ලේකම් පියස හැඩයි

මුවගින් සිනා කැන් විහිදෙන වෙලාවට
ලේකම් පියස හැඩවිය හරි කලාවට
ගැටළුව විසදුමට නීතිය පිහිට කොට
මග පෙන්නුවා නිළ දරුවන් ගෙන පෙරට

ගම්මානයේ දෙවටක වැට මාරු වෙලා
අයිතිය බොහෝ දෙන ඉල්ලා හරස් වෙලා
ගැටළුව ලිහන්නට යන අය හිරවීලා
ඔබදුන් තීන්දුව ඇත තිතටම තියලා

මහ ලේකම් පියස අලුතින් හැදු හින්දා
හැකිවිය සැමට සේවය ගන්නට කැන්දා
බාධානොමැත සීමා මායිම් රන්දා
ඒ පින අපට උරුමයි මැතිනිය හින්දා
සැලසුම් ගතයි හැම අංශය වැඩ ඉහළයි
යන්නට ඕන මග ඊතල පාර කියයි
ජන දිවියකට මතුවන හැම ගැටළු ලිහයි
පිදු සේවයට ගොවිජන හද තුතිය පුදයි

ඇසළ මාසයට කහමල් පූදිනවා
දකුණේ කලා මංගල්ලය සිහිවෙනවා
ලේකම් තුමිය පෙරහැර සැලසුම හැදුවා
සිත්තම්ගල්ල හෙටටත් දැය පුබුදනවා

බක්මහ වසන්තය‍ සැණකෙළියයි එන්නේ
ගම් සේවා වසම් එකටයි හමුවන්නේ
කොට්ටා පොරය ලිස්සණ ගහ හැඩවෙන්නේ
අවුරුදු නැකත ඔබගෙනි කිරි ඉතිරෙන්නේ

සාහිත අරුත පාසල් දරුවන්ට දෙවා
රස වින්දනය මේ යැයි පහදා දෙනවා
ගම්වල සමිති එක්කර බලගොඩ නැගුවා
එකමුතුකමට මිනි මුතුකැට බිහිවෙනවා

කලාශූරුන් රස කවියත් එකතුවෙලා
කවි මඩු නැටුම් රස ගඟුලක් ජනිතකලා
සාහිත අඹර නවතරු මල් පුබුදාලා
ගිරුවායායටම පුන්සඳ එළිය වෙලා

අරලිය ගහ මැදුර අත්පොලසන් හඩකින්
උතුරා ගියා ජයගොස මහජන ගඟකින්
ලැබු සම්මාන ඉහළයි ජනපති සුරතින්
ලංකාවෙන්ම එක මැතිනිය හෙටද ඉතින්

දීපිකා ගුණරත්නයන් පිදු මෙහෙවරට
වනමල් පිපෙයි රන්මල අඩවිය හෙටට
තරුමල් අතර සඳවත විය රුහුණු රට
චිරං ජයතුවේවා! මැතිනිය ඔබට

කේ. වීරසිංහ
/පාතෙගම කනිටු විදුහල්පති





 
ගුණරත්න මැතිණියනි දයාබර
ඔබ වැනි දු දරුවො මෙලොවට දායාද
ලැඉ දුන් දෙමාපියනගෙ වදිනෙමි පාද
සැබවින් කරන යුග මෙහෙවර මහ යෝද
තබමින් මල් දෙපා වැන්දත් මදි නේද

වලස්මුල්ල මහ ලේකම් තුමිය ගරූ
සලස්වන්න ජන සෙත සුව වෙහෙස දැරූ
සකස් කරලා සේවයටම වෙලා හුරූ
කෙලෙස පුදන්නද අපි ඔබ කිරුළ දැරූ

හතරක් වසර කල සේවය අගයන්න
කිරුළක් පැළද ලංකාවෙන් එකගන්න
වෙහෙසක් ගත්ත පෙදෙසම දියුණට යන්න
දහසක් මල් පුදමි සුබ පැතුමන් මෙන්න

පංකා විදුලි යට සැප පහසුකම් දෙන
දැංකා හටත් නියමිත වැඩ පවරමින
සංකා දුක් තැවොල නැති සේවයකි මොන
ලංකාවෙන්ම පළවෙනි තැන දිනා ගෙන

තම සේවක පිරිස සමගින් එකට බැදි
හැමකාරිය වෙතට නෙත සිත යොමන ලදි
නිමකර වැඩ කොටස ඔපිසිය තුලම රැදි
ළැම සෙනෙහසින් පිදුවත් මගෙ හිතට මදි

කුළුපග වෙමින් ජනතා හද බැඳගත්ත
සුළුපටු නොවේ ඔබ කළ සේවය ඇත්ත
මුළු ලංකාවෙන්ම පළවෙනි තැන ගත්ත
දළු ලා මල් පිපිල බබළයි මේ පැත්ත

කනබොන වෙලාවද අමතක කරමින්න
ජනසෙත සුව පිණිස කැපවීමෙන් උන්න
දින දින දියුණුවට මං පෙත් සලසන්න
දැනගත් මගෙ දැනුමදි ඔබ අගයන්න

සැප සම්පත් ලබා කිතුගොස පැතිරේවා
විපතක් දුකක් හීනෙන්වත් නොපෙනේවා
සැප යස ඉසුරු දින දින නව වැඩිවේවා
අප ලක් මවට ඔබ මිණි පහනක් වේවා

යූ.එම්. සිරිසෝම
රදනි ආර, කිරම






 
ජයග්‍රාහී හෙට දිනක්
නීතියට අවනතව
ජන හදට ලෙන්ගතුව
යුක්තියට හිසනමා
ඉටුකරන්නට රාජකාරිය
අපට මග කියාදුන්
නිබද දිරි ලැබදුන්
නියමුවාණෙනි,
පතන්නෙමු ඉතසිතින්
ජයග්‍රාහී හෙට දිනක්
පැහැබර අනාගතයක්
ජීවිතය පුරාවට


                                                             J.M. ශ්‍යාමලී  ග්‍රාම නිළධාරී

 

 
තාරකා මැද දිදුලන සුපුන් සඳ ඔබයි
අරුණෝදයේ රැස් දහරින්
විකසිතව සුවඳවත් වූ
සිහින් සුළගේ සැලෙනා
සුන්දර කුසුමකි........ ඔබ........

අදුරු තිමිර පට බිඳිනට
රෑ අහසේ පෑයු
තාරකා මැද දිදුලන
සුපුන් සඳකි...... ඔබ.......

සුවහසක් දනන්ගේ
දිවිමග සඵල කරනට
කරුණා දයාවෙන් පිරි
මිහිරි වදනින්
ඔවුන් සැනසු .......ඔබ....

වලස්මුල්ල සේවා පියසින්
නික්ම යන නිමේෂයේ
පතන්නම් තෙරුවන් සරණින්
සියලු දෙවි රැකවරණ


                        අජන්තා   ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී




 
පොත් දහසකි..! ඔබ

මිහි පිට ඉන්ද්‍රඛීලය
දුටු වෙමි මම
සිංහ තේජස විහිදෙනු
බලා සිටියෙමි
තුටින් වින්දෙමි
මී මැසි දඟය
ඒ සියල්ලෙහි හරය ඔබමය !

පොත් දහසක
ජීවිත හරය
නුඹෙන් ලැබ ගතිමි.
තබන පියවර ශක්තිය
ඔබෙන් උගත්තෙමි.
කෙසේ නම් පිඩු කරම්ද ?
ඔබේ අගය මම.

                                                             සිරන්ති වික්‍රමසූරිය
                                                              ගිණුම් අංශය


 
නික්ම යන ඔබට
තුරු හිසක අගින් හිනැහෙන
මනුදම් සුවඳ විහිදන
මහ ලේකම් මැදුර පොබවන
වන මලකි ඔබ සුවඳ වෑහෙන

ලකඹර පුරා පතුරන
වලස්මුලු නාමය බබළවන
තුඩ තුඩ රාව විහිදන
නියමු ඔබ විය සැවොම සනහන

ජන හද තුළට රිංගන
කදුළට නිමාවක් දෙන
ගෙපැලට හිනා කැන්දන
මවක මෙන් ඔබ දුකම වළදන

සාහිත කෙතක පීදෙන
නවමු කැකුළක්ව සොඳින
ඔබ මැවු සොදුරු වියමන
ඉතිරි පැතිරී යාවි හෙට දින

සරුදම් රකින නිසි තැන
උදා කරමින් සැමට එක මෙන
ලේකම් පියස සරසන
ඔබය සිරිදුව මෙමට හමුවුන


දිමුතුහර මෙන් සුදිලෙන
සහෝදර පෙම වගා කරමින
පුරුකක් සෙමෙන් ගිලිහෙන
වියෝගය ඇත අපට නොපෙනෙන

යුග යුග සිතින් නොමැකෙන
ඔබ කළ මෙහෙය සමරන
සුඛී දීඝායුබො භව “ පතන
ආසිරි ගීයෙන් පමණක් නවතින


කපිල බස්නායක   බෞද්ධ කටයුතු සමායෝජක




 සමුගැන්මක සෝ රිද්ම ඉතිරි කොටස පසුව පලකරන්නම්..............


නොමැත ඔබවන් කෙනෙක් අපහට
කදුළු පිසදා
දනන් තුටු කොට
තැනක් දුන්නා වලස්මුල්ලට
නමක් තිව්වා දිනා පිට පිට
නොමැත ඔබවන් කෙනෙක් අපහට---!

හිරු සදු ඔබයි දන හදවත් එකළුකළ
නැණ ගුණ වඩයි දනවයි දිරි තරුණ කැළ
වනමල් අතර ගුණ සුවඳැති සුපිපි මල
හෙට ලොව දිනනු මැන එයමය අපගෙ දොළ


ඩී. සුරංග ජයලත්     සමාජ සංවර්ධන සහකාර





මැතිණිය මමත් එමි ඔබ යන අඩි පාරේ…!

සිරිපා හිසින් නැගි මහවැලි නදිය රළු
රජරට බලා දැන් උතුරට ගලනවලු
ඒ සිරියාව නරඹන විට නයනකලු
ඔබෙ සේයාව මතු වී පෙන්වනවාලු

ඉන්නේ සකල විධ ධනපතියන් බාරේ
උන් දැන් උරා බොති ජනතාවගෙ සාරේ
ඉන්නෙමි මමද එනතුරු බලමින් වාරේ
මැතිණිය මමත් එමි ඔබ යන අඩි පාරේ

වලස්මුල්ල පුරවරයට පහල වූණු
යලි පණ පොවා එඩි වඩමින් කළ දියුණු
නද දෙන තවම මහ ඉහළින් පින් පිරුණු
පෙරදැරි කරමු රන්වන් සීනුවක් ලෙසිනු

බුදුහිමි සරණ ලැබ තව ඉහළට යන්නයි
තිස්තුන් කොටියක් දෙවිදුගේ රැකවරණයි
දරුවන්, හිමිද, සමගින් නිති වැජඹෙන්නයි
ප්‍රාලේ නාමෙ මුළු සිරිලක බැබළෙන්නයි

. නාලනී ගුණරත්න
අතිරේක දිස්ත්‍රීක් රෙජිස්ට්‍රාර්








පරිසරයම හැඩයි ඒ මල් පිපුණාම
සේවය ලබන්නෝ
ඔබගෙන් මෙපුරවර
ඇත විහිදුලා
තැනි, කඳු, ශිඛර මත
දහසක් සිතැඟි ඇත
මෙපියසෙන් කරගන්ට
සැකයකි ඇත්තෙ මට
එය ඉටුකර දෙයිද
ඒ මේ අත බලයි
වෙනසක අරුත දකී
කුලුපග වෙමින් හැම
හඳ බැඳි දුක විමසී
අහිංසකයි දුප්පත්
මේ මිනිසුන්
ගෙන්වන්නට එපා
දෙනුවන යලි ඔවුන
වෙනසක අරුත හැම
හදකම මුමුණනවා
මිලකල නොහැක
එය වටිනව හැමදාට
අතුඅග පිපෙනවා
පාටැති මල් විවිධ
පරිසරයම හැඩයි
ඒ මල් පිපුණාම
සුවඳැති සුපිපි මලකි
ඔබවන් දියණියන්
එවන් මලක් දුන්
මා පිය වාසනාවකි

තනුජා අයිරාංගනී     ඉඩම් අංශය






පැහැබර හෙට දිනකට සුබාසිරි

සරසවි දිවිය නිම කොට
පා නැගුවෙමි මම ප්‍රා ලේ පියස වෙත
දිටිමි නෙක නෙක මුහුණු විට විට
මවක් බඳු වු සුරගනක විය
එදා ඔබ මට මුලින් දුටු විට

පොතින් උගතත් බොහෝ පාඩම්
ඔබෙන් ලැබු දේ අපමණයි
නිමක් නොපෙනෙන ජන ගඟක් තුළ
මිනිස්කම ඔබෙ හදපිනයි
සෑම අයෙකුම සත්‍යවාදී නොම බවත්
සතුරෙකු පාසා මිතුරෙකු ඇතිබවත්
ගලක් පසුපස මලක් එනබවත්
ජීවන ඔරුව හැකි විරියෙන් පැදයන්ටත්
ඔබෙන් මා ලද ඔවදනයි

හරවත් වදනින් නිහතමානී ගුණයෙන්
නිර්ව්‍යාජත්වයෙන් ආදර්ශමත් පැවැත්මෙන්
ජන දිවිය එකළු කෙරුමට
මග හසර හෙළි කරන
දීපිකා මැතිණියනි
දිගුකලක් යෙහෙන් සුදිලෙන්නට
ගෙනෙන්නම් සුබාසිරි
මුළු හදින්


ජී. ජානකී දිල්රුක්ෂි
අභ්‍යාසලාභී උපාධිධාරී (2012)







සරා සද ඔබ

ඉඩෝරයට පතිත වුන පොද වැස්ස විලසින
මහ පොළව හා ගැටී කටුක දිවි මඟ ගෙවන
නේක දුක් ගැහැට විදි පැතුම් පොදි හිස දරන
ඉපල් වී ගිය ගතින් නැඟිටින්න වෙර දරන
දිරිය ලද දනන්ගේ පැතුම් මල් පොපියමින..........
ඇරඹි ලේකම් පියසේ දෙවැනි පුටු හොබවමින
අබිසෙස් ලැබු මැතිණි දීපිකා ගුණරත්න............
වලස්මුලු පුරවරයේ ගම් දනව් සැරිසරා
සොයා පිය නැගූවයි පිපාසිත වූ දනන්
බෙදා ලූ අමා මී කුළුණු බර හදවතින්
උරාගති දනන් රැදි ගැටළු පොදි දිය කරන්
ගත රැදුනු සවියයි......... සිත රැදුනු දිරියයි.........
මුවේ මදහාසයයි.......... තුරුළුකොට දෝතින්ම
කැප කළා දිවිය ඔබෙ සරණ යදිනා දනට
මිනිස් සිත් සතන් තුළ සදාකල් නොමියෙනා
දෙව් දුවක් වුණා ඔබ සුරලොවින් සපැමිණා...........
නිළ දරුවෝ පිරිවරා සරණ සේවා පියසෙ
සහජයෙන් උරුම වුණු දස්කම්ද පෙරටු කොට
ළයෙහි රැදි සෙනෙහසින් බෙදා දී ගුණ සුවඳ
බැබළුණා මුල් පුටුවේ ලේකම් වරම් ලැබ
ලැබුණු වරමින් එකළු කළා මේ සෙව් පියස
ඔවදනින්........ සිනාවෙන්........... පරමාදර්ශයෙන්
විටෙක මව විය සැමට විටෙක යෙහෙළියකි
ලබැදි සොයුරියකි එකම පියසෙහි සරන
නික්ම යන්නට වරම් ලැබුවත් - මෙපුරවරයෙන් වෙමනතකා
හිදැස පුරවා ගත නොහී - සුසුම්ලයි මෙහි සැමදෙනා
ලක්බිමෙහි අග තැන ලැබු මේ - පියසෙ රැදි ඔබේ සුවඳිනා
දුරස් වන්නට වාරු නැති සිත - ඉකි බිදියි නෙත කදුළිනා
දිවි මගේ වූ සියළු පැතුමන් - සඵල වී ජය ලබා හෙට දින
නිලඹරේ දිලි සරා සඳ ලෙස - බැබළි ඉන්නට පතමිනා ...........


ආර්. . පුෂ්පා
රාජ්‍ය කළමනාකරණ සහකාර, ගිණුම් අංශය